Inbox By Gmail - සන්නිවේදනයේ පහසුව සඳහා.

වර්තමානයේ පණිවුඩ හුවමාරු වීමේ ක්‍රමවේදයක් ලෙස විද්‍යුත් ලිපි හුවමාරුව දැක්විය හැකිය. මෙම සේවය සපයන බොහෝ ආයතන ( Gmail, Yahoo mail ) තම සේවාව පරිශීල්කයාට වඩාත් පහසුවන් විදියට එක එක ආකාරයෙන් නවතම විශේෂාංග සමග සංවර්ධනය කර ඇත. පණිවුඩ හුවමාරුවකට එහාගිය දත්ත හුවමාරුවක් ලෙස මෙය භාවිතා කළ හැකිය කාර්යාලීයීය කට්යුතු විද්‍යුත් තැපෑල මගින් සිදුවෙන හින්දත් බොහෝ දෙනා මෙම ක්‍රමවේදයට යොමු වෙනවා.
පසුගියදා Google සමාගම විසින් සංවර්ධනය කළ වැඩසටහනක් සුළුතරයකට පමණක් අත්විඳිය හැකි උනා. එනමුත් ලගදිම සියල්ලටම අත්විඳින්නට ලැබෙන එම වැඩසටහන සම්බන්ධයෙන් තබන සටහනක් තමයි මේ.
මේ අලුත් Inbox සේවාව inbox@google.com හරහා ඉල්ලුමකින් ඔයාලටද මෙය අත්හදා බලන්නට පුළුවන්. ලඟදිම කිසිදු ඉල්ල සිටීමකින් තොරව මෙය භාවිත කිරීමට පුළුවන්. ඔයාලගෙ සමාන්‍ය Gmail වඩාත් කාර්යක්ෂම, භාවිතයට පහසු පෙනුමකින් යුතුව මෙය දක්නට ලැබේ. සාමාන්‍ය පරිශීලන මට්ටමේ අවශය්‍යතා හඳුනාගෙන මෙය නිපදවලා ඇති බවද සඳහන් කල යුතුය.
පණිවුඩය ( Email ) සම්බන්ධ සියලු දත්ත ඒ මත Click කිරීමෙන් තොරව දැක ගන්න හැකිවන විදියට තමයි මෙය හදලා තියෙන්නේ. පසු කලෙක නැවතත් උද්දීපනය වන අයුරින් පැරණි පණිවුඩ සැකසිය හැකි ලෙසද, එවන් බොහෝ ආකාරයෙන් දෛනික ජීවිතය පහසු කරවන අයුරින් මෙය නිමවෙලා තියෙනවා.





මෙතනින් ඇප් එක බාගන්නකෝ.
No comments:
Post a Comment