Ads Top

Aluth Hot News

පාපැදිකරුවන්ගේ අධිවේගී මාර්ගය.


                                            සුගිය වසරේ නොවැම්බර් මාසයේ 5 සිට 18 දක්වා සති දෙකක් තුළ ලන්ඩනයේ නාගරික ප්‍රදාන මාර්ගවල පාපැදි අනතුරු මගින් මියගිය ප්‍රමාණය 6ක් පමණ වේ. එවැනි අන්තුරු සහ මාර්ග තදබදය අවම කිරීම සඳහා ලන්ඩන් හි නිර්මාණකරුවන්ගේ අවධානයක් යොමුවිය. පාපැදිකරුවන් සඳහාම වෙන්වූ අධිවේගී මාර්ගයක් ලන්ඩන් හි ඉදිකිරීමේ ව්‍යාපෘතිය ' ෆාස්ටර් සහ පාට්නර්ස් ' හි සභාපති සහ වාස්තු විද්‍යාඥයෙකු වන ' නෝමන් ෆෝස්ටර් ' විසින් ආරම්භකර තිබේ. නගරාන්තර දුම්රිය මාර්ගය පාදක කරගනිමින් මෙම අධිවේගී මර්ගය නිර්මාණය කිරීමට බලාපොරොත්තු වෙනවා.

              මෙම ව්‍යාපෘතිය ' ස්කයිසයිකල් ' ලෙස නම්කර තිබෙයි. නැගෙනහිර ලන්ඩනයේ සිට ලීවර්පූල් නැවතුම්පල දක්වා වූ සැත්පුම් 4ට පමණ ඩොලර් මිලියන 362.63 ක් පමණ වැය වෙයි.        
 






             එක්ස්ටීරියර් ආකිටෙක්චර් ලිමිටඩ්, ෆෝස්ටර් පාට්නර්ස්, ස්පේක්ස් සින්ටෙක්ස් යන ආයතන මෙම ව්‍යාපෘතිය සංවර්ධනය කිරීමට දායකත්වය සපයයි. ලන්ඩනයේ සිටින පාපැදිකරුවන්ගේ ජීවිතවල වටිනාකම මෙයින් වැඩිවෙන බව මෙහි නියමුවෝ පවසති. වෙනත් වාහන නොමැති පාපැදිකරුවන් සඳහාම වෙන්වූ මෙම මර්ගය නාගරික පාපැදිකරුවන්ගේ සිහිනරාජ්‍යක් වනු ඇතැයි එක්ස්ටීරියර් ආකිටෙක්චර් ලිමිටඩ් හි නිර්මාණකරුවෝ පවසති.
       මෙම මාර්ග පද්ධතිය විහිදී ඇති වපසරිය තුළ මිලියන 5.8 ජනතාවක් වාසය කරන අතර මෙය වසර 20කින් පමණ නිර්මාණය කර  නිම කිරීමට නිර්මාණකරුවෝ බලාපොරොත්තු වෙති.


  • තට්‍ටු තුනකින් මෙම මාර්ගය සමන්විත වේ.
  • මංතීරු 10ක් මත පැයකට පාපැදිකරුවන් 12,000ක් ගමන් කරයි.
  • ලන්ඩන් නගරය තුළ පැයට සැතපුම් 10ක වේගය ස්කයිසයිකල් තුළ දී පැයට සැතපුම් 15ක වේගයක්.
  • මාර්ග පද්ධතියේ දුර සැතපුම් 135
  • තට්‍ටුවක පළල අඩි 20
  • මෙහි ගමන් කිරීමට ගතවන කාලය විනාඩි 29කටත් අඩුය.

      ස්කයිසයිකල් යනු " ෆාස්ටර් සහ පාට්නර්ස්  " නිර්මාණ ආයතනයේ නිර්මාතෘ ' නෝමන් ෆෝස්ටර් ' ගේ යෝජනාවකි. එංගලන්තයේ The Gherkin ලෙස හඳුන්වන St Mary Axe ගොඩනැගිල්ලේ  Wembley Stadium හි නිර්මාණ ශිල්පියාද ඔහුය.

The Gherkin
Wembley Stadium


Norman Foster


අපට Like එකක් දාන්න අමතක කරන්න එපා



 

No comments:

Powered by Blogger.