Panono කැමරා බෝලය.

සාමාන්‍ය ඡායාරූපයක හතරැස් කොටු කඩදාසියකට කොටු වී තිබුණු සීමිත වපසරිය ' පැනොරාමා ( Panorama ) ' හෙවත් පුළුල් කෝණයකට ( Wide-angle ) සීමා විය. අදවනවිට එම සීමාවන් බිඳදමමින් අංශක 360ක වප්සරිය දක්වා එම කෝණය පුළුල් වී තිබේ. එය මිනිස් ඇසට හෝ වෙනත ජීවී ඇසකට එකවිට නොපෙනෙන තරම් පරාසයකි. නමුත් අද එක ඡායාරූපයක් මගින් එම පුළුල් කෝණය දැකගැනීමට හැකියාව උදා වෙලා තියෙනවා. ඒ ' පැනොනො ' කැමරාව ආධාරයෙනි. ජර්මනියේ බර්ලින් නුවර ටෙක්නීන් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෙකුවන ජොනාස් ෆෙයිල් විසින් මෙම නිර්මාණය සිදුකර ඇති අතර, කාර්මික මෝස්තර නිර්මාණ ශිල්පිණියක වන රියාන් හොවුඩා විසින් මීට දායකත්වය ලබා දී තිබේ.
- බෝලය වටා කැමරා 36ක් පිහිටුවා ඇති අතර එයින් ඡායාරූප 36ක් ගනු ලබයි.
- එම ඡායාරූප 36 මෘදුකාංගයක් ආධාර්යෙන් ඒකාබද්ධ කරනු ලබයි.
- අනතුරුව එය අංශක360 ක වපසරියක් ආවරණය වන ඡායාරූපයක් ලෙස දිස්වෙයි.

- 1000කට වැඩි පිරිසක් දැනටමත් මෙය ඉල්ලුම් කර තිබේ.
- මෙය ජාත්‍යන්තර වෙළඳ පොළට මෙම අවුරුද්දේ අන්තිමට නිකුත් කිරීමට නියමිතයි
- තවද USB කේබලයක් ආධාර්යෙන් තම පරිගණකය වෙත අදාළ දත්ත සම්ප්‍රේෂණය කළ හැකිය.
මෙම කැමරා බෝලයට අමතර Memory Card සවිකළ හැකිවේ.

Jonas
Pfeil
CEO and
co-founder

Björn Bollensdorff
CEO and
co-founder

Qian
Qin
Chief Technology Officer and co-founder

No comments:
Post a Comment