Ads Top

Aluth Hot News

එබෝලා ගැන ඔබ නොදත් දේ.

නූතන ඒඩ්ස් රෝගය ලෙස ද විටෙක හැඳින්වෙන එබෝලා වසංගතය නිසා මේ වන විට අප්‍රිකානු මහද්වීපයේ දස දහසක් පමණ දෙනා රෝගී වී ඇතැයි පැවසේ. පහත දැක්වෙන්නේ මේ රෝගය පිළිබඳ අප්‍රකට, එහෙත් ඓතිහාසික කෙටි කරුණු එකතුවකි.



01. ක්‍රිස්තු පූර්ව 430 සමයේ ග්‍රීසියේ ඇතන්ස් නුවර පැතිරගිය අසාමාන්‍ය වසංගත රෝගයකින් ලක්ෂයක් දෙනා මරණයට පත් වූ බව කියයි. මේ අසාදන තත්ත්වය වසර 3ක කාලයක් පැවති අතර ඉතිහාසඥයන් පවසන්නේ එය එබෝලා රෝගය  වීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි.

02. රෝගය වැලඳී සුවවීමෙන් පසු ව වුවත් ශුක්‍ර තරලය හා මවුකිරි මඟින් මාස 2ක් දක්වා එය වෙනත් අයට බෝවීමට පුළුවන.

03. එබෝලා රෝගය මුලින් ම වාර්තා වූ 1976 දී රෝගීන් 318 දෙනාගෙන් 280 දෙනෙක් ම මරණයට පත්වූහ. එය 88%ක ප්‍රතිශතයකි.

04. එසේ සයරේ රාජ්‍යය හෙවත් නූතන කොංගෝවෙන් එබෝලා රෝගය මුලින් ම හිස එසවූයේ, වෛද්‍ය ප්‍රතිකාර සඳහා එක ම එන්නත් ක‍ටු නැවත නැවතත් භාවිත කිරීම නිසා ය.

05. එබෝලා වෛරසය සහ එවැනි ම අභ්‍යන්තර ලේ ගැලීම් අති කරන මබර්ග් වෛරස පවුල එක් කිරිමෙන්  එබෝබුන් නැමති  වෛරසයක් ඇමරිකානු රසායනාගාරයක් විසින් 2007 දී නිපදවා තිබේ.

06. ගිනියාවේ වසර දෙකක දරුවෙක් එබෝලා මිය යාමෙන් පසු එම පවුලේ තවත් සාමජිකයන් තිදෙනෙක්  මාසයක් ඇතුළත මරු වැළඳ ගත්හ. 2014 එබෝලා වසංගතය ගිනියා රාජ්‍යයේ පැතිර යාමට විශාල හේතුව වූයේ එම අවමංගල්‍යයන්ට පැමිණි ගම්වැසියන්ට ද රෝගය බෝ වීමයි.

07. අයිසිස් හෙවත් ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්  සතුව නගර පිටින්  ජනතාව මරාදැමිය හැකි එබෝලා වෛරස් අවිය තිබෙන බවට සැකයක් ඇත.

08. 1993 වසරේ ජපානයේ උමං දුම්රියකට විෂ වායු ප්‍රහාරයක් එක් කිරීම නිසා මරණ දඬුවමට ලක්වූ ෂේකෝ අසහාරාගේ නායකත්වයෙන් යුතු  " ඕම් ෂින්රිකෝ " නිකාය ද එබෝලා වෛරස් සාම්පල එක්  ‍රැස් කළ බව සොයාගෙන තිබේ.

09. එබෝලා වෛරසය නසන්නට හැකි ඔසුවක් හෝ එන්නතක් තව ම සොයාගෙන නැති අතර කළ හැක්කේ රෝග ලක්ෂණ පාලනය කිරීම පමණි. රෝගය උත්සන්න වූ විට සිදුවන බාහිර සහ අභ්‍යන්තර ලේ ගැලීමේ දී ඇස් කුහරවලින් ලේ ගැලීමේදී ඇස් කුහරවලින්  පවා ලේ ගලන්නට පටන් ගනියි.

10. 1992 වසරේ දී සෝවියට් සමූහාණ්ඩුව එබෝලා සහ වසූරිය වෛරස එක්කර මාරක ජෛව අවියක් තැනුවේ ය.










අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා. 




අන්තර්ජාල උපුටා ගැනීමකි.

No comments:

Powered by Blogger.