Ads Top

Aluth Hot News

පරිගණක ක්‍රීඩාලෝලීන්ට ගැළපෙන App එකක්.




ඔබ පරිගණක ක්‍රීඩාලෝලියෙකු නම් Logitech සමාගම විසින් හඳුන්වාදී තිබෙන මෙම නවතම ඇප් එක ඔබට ඉතාමත් වැදගත් වනු ඇත. Arx Control ලෙස නම් කර ඇති මෙම ඇප් එක වයිෆයි හරහා ඔබගේ Gaming PC එක මොනිටර් කිරීමට සම්මත ඇප් එකකි. එවිට එම ජාලය තුළ මේ වන විට ක්‍රියාත්මක වන පරිගණක ක්‍රීඩාවල ලැයිස්තුවක් ඔබට පෙන්වනු ලබයි. මීට අමතරව ඔබගේ Gaming PC එකෙහි CPU  එකෙහි තත්ත්වය,  GPU ( Graphical Processing Unit ) එකෙහි  තත්ත්වය, RAM එකෙහි, Motherboard එකෙහි හා GPU වල තත්ත්වය හා එහි උෂ්ණත්වය ආදි තොරතුරු ‍රැසක්ද මෙම ඇප් එක හරහා බලාගත හැකිය.

තවද ඔබගේ Gaming PC එකෙහි භාවිත වන්නේ Logitech Gseries  උපාංග නම් එම උපාංගවල ඇති Programmable Buttons අතර මාරුවීමේ හැකියාවද මෙම ඇප් එක හරහා ලබාගත හැකිය. Arx Control App  එක Google Play Store හරහා බාගත කරගත හැකිය.


PC 










Mobile App 








  

App එක මෙතනින් ගන්නකො.

No comments:

Powered by Blogger.