Ads Top

Aluth Hot News

විනෝදයෙන් දත් මදින්න.





                මේ වසරේ පැවත් වු ජාත්‍යන්තර තාක්ෂණික උපකරණ ප්‍රදර්ශනයේදී මෙම දත්බුරුසුව ප්‍රථම වරට එළිදැක්විය. සොනික් තාක්ෂණයෙන් උත් මෙමගින් නිවැරදි ක්‍රමයට මනාලෙස දත් මැදීමට හැකියාව ලැබේ. සාමාන්‍ය දත්බුරුසු ආකාරයෙන් මිදුණු මෙම දත්බුරුසුව ළමයින්ට මෙන්ම වැඩිහිටි පුද්ගලයන්ටද මනා සේ ගැළපෙන පරිදි නිර්මාණය කර තිබේ. මෙමගින් දත් මැදීමේදී අන් දත්බුරුසුවලට වඩා විනෝදකාමි අත්දැකීමක් ලබාගත හැකිවෙයි.


මෙහි ප්‍රධාන සංවේදකයන් තුනක් පිහිටා තිබේ.

 මෙහි සංවේදකයන් මගින් මුඛය පිළිබඳ දත්තයන් ලබා ගනී.

ස්මාර්ට් දුරකථනයට දත්බුරුසුව හා සම්බන්ධ වීමට අදාළ මෘදුකාංගය ස්ථාපනය කළ යුතුය.

මෙම දත්බුරුසුවේ ඉහළ කොටස වෙන්කළ හැකිවෙයි. එමගින් තමන්ට ගැළපෙන දත්බුරුසුවක් සම්බන්ධ කරගත හැකි වෙයි.

මෙසේ මෙම දත්බුරුසුවෙන් දත් මැදීමේදී ස්වයංක්‍රීයව දුරකථනයට අදාළ දත්තයන් ස්වංක්‍රීයව සම්ප්‍රේෂණය වෙයි.

මෙය ලොව ප්‍රථම ස්මාර්ට් දත්බුරුසුව නොවන බවද නිර්මණ ශිල්පීහු පවසා සිටිති.

ස්මාට් දුරකථනය සමග බ්ලූටූත් හරහා සම්බන්ධ වෙයි.

650 ලිතියම් පොලිමර් බැටරියකින් යුක්ත වෙයි.

‍රැහැන් රහිතව මෙය ආරෝපණය කළ හැකි වෙයි.

ඔබ මුඛයේ කොපමණ ප්‍රමාණයක් ආවරණය කරමින් දත් මැදීම සිදුකරාද යන්න හා දන්තාලේප මගින් කොපමණ දත් ප්‍රමාණයක ආලේප වුවද යන්න ස්මාර්ට් දුරකථනය හරහා දැක ගත හැකි වෙයි.

ඇන්ඩ්‍රොයිඩ් 4+ ( අයිස්ක්‍රීම් සැන්ඩ්විච් මෙහෙයුම් පද්ධතිය හා ඉන් ඉහළ මෙහෙයුම් පද්ධති සඳහා ) ඇපල් IOS 7+ මෙහෙයුම් පද්ධති සඳහා මෙය ක්‍රියා කරයි.

එදිනෙදා දත්මැදීමේ කොපමණ දියුණුවක්ද යන්න අපට ස්මාට්දුරකථනය හරහා අපට දැනුම් දෙන අතර නිශ්චිත ලකුණු ප්‍රමාණයක්ද හිමි වෙයි. එම නිසා දත් මැදීමේදී අශාවක් හා පිළිවෙළකට මැදීමේදි පුරුද්දක් ඇතිවන බව නිර්මාණ ශිල්පීහු පවසති.

මීට අමතරව කොපමණ වේලාවක් දත් මැදීම සිදුකළාද යන්න බලාගැනීමට හැකිවෙයි.

ඔබට දත්මැදීමට අවශ්‍ය වු විට ඒ සඳහා වැඩිදුර තොරතුරු ස්මාට් ජංගම දුරකථනයේ වූ මෘදුකාංගය මගින් අදාළ ජාලගත පුද්ගලයන්ගෙන් විස්තර ලබාගත හැකි වෙයි.

මෙම දත්බුරුසුව සුදු, අළු, රෝස හා නිල් යන පැහැයෙන් යුක්ත වේ.

මෙම දත්බුරුසුව ඇමරිකානු ඩොලර් 99 සිට 200 දක්වා මිලක් ගනී.


අපට  අවශ්‍ය වුණා නිර්මාණය කිරීමට අන් දත්බුරුසුවලට අභියෝගයක් එල්ල කළහැකි දත්බුරුසුවක්, එනම් අප දත්මදින ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට හැකි දත්බුරුසුවක් නිර්මාණය කිරීමට. අපි ඉක්මනින්ම අවබෝධ කර ගත්තා තිබෙන උපකරණ වලින් වෙනස් දත්බුරුසුවක් නිර්මාණය කිරීමට. අපි නැවත නිර්මාණය කිරීම වෙනුවට නැවත සිතා බලා සංවේදක භාවිත කරමින් එය න්ර්මාණය කළා.
යැයි නිර්මාණ ශිල්පීහු පවසති.

No comments:

Powered by Blogger.