Ads Top

Aluth Hot News

ඩ්‍රෝන යානා සමග පාරට එන අනාගත මෝටර් රථය.





                     මෝටර් රථ ක්ෂේත්‍රයේ නව  තාක්ෂණය සමග මුසුවූ විවිධ මෝටර් රථ වෙළඳ පොළ වෙත දිනෙන් දින එකතු වෙයි. පහුගිය කාලෙක ඉන්දියාවේ පැවති “ Delhi Auto Show “ මෝටර් රථ ප්‍රදර්ශනයේදී මෝටර් රථ ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් Renault මෝටර් රථ සමාගමේ නවතම මෝටර් රථ ආකෘතීන් මුලවරට ප්‍රදර්ශනයට එක් කරනවා. එහිදී එක් මෝටර් රථයක් වෙත විශේෂ අවධානයක් යොමුවිය. K wid ලෙස එම මෝටර් රථය,  රථවාහන තදබදයට විසඳුමක් ලෙස ඉදිරිපත් කර තිබේ. මෙහි කුඩා  Quadcopter  වර්ගයේ ඩ්‍රෝන යානාවකින් මාර්ගය පිළිබඳ සියලු තොරතුරු රියදුරු වෙත ලබා දෙයි.









  • මාර්ග තදබදය
  • අතුරු මාර්ග
  • මාර්ගයේ ඇති බාධක හා
  • තම මෝටර් රථයට බාහිරින් සිදුවන බලපෑම්
                ඩ්‍රෝන යානාව ආධාරයෙන් බලාගැනීමට හැකිවෙයි.

මෝටර් රථයේ වහලයේ මෙම ඩ්‍රෝන යානාව ස්ථාපිත කර ඇති අතර රියදුරුගේ විධානයන් අනුව එය ක්‍රියාත්මක වීමට පටන් ගනී.

ඩ්‍රෝන යානාවේ ඇති කැමරාව මගින් ලබාගන්නා තොරතුරු මෝටර් රථයේ ටැබ්ලට් පරිගණකය වෙත ලබා දෙයි.


මෙම ඩ්‍රෝන යානාව කුඩා නිසා මෝටර් රථයේ සියලු ස්ථාන කරා ගොස් බාහිරින් සිදුවී ඇති හානිකර තත්ත්වයන්ද බලාගත හැකිවෙයි

නැවත රියදුරු විධානයෙන් ස්වංක්‍රීයව මෝටර් රථය වෙත පැමිණ අදාළ ස්ථානයට යයි.



මෙම මෝටර් රථය තව අවුරුදු දෙකකින් පමණ වෙළඳ පොළ සඳහා ඉදිරිපත් කරන බව නිෂ්පාදකයෝ පවසති.

අදාළ මාර්ගයන් මෙම ටැබ්ලට් පරිගණකයට ඇතුළු කළ යුතුය, එම මාර්ගයන් ඔස්සේ තාක්ෂණය මගින්ඩ්‍රෝන යානාව ගමන් කිරීම සිදුකරයි. 

මෙහි අභ්‍යන්තරය කුරුළු කූඩුවක හැඩයක් ගන්නා අතර එය මෙම මෝටර් රථයේ ගමන්ගන්නන්ට අලුත් අත්දැකීමක් එක් කරයි.

























No comments:

Powered by Blogger.