Ads Top

Aluth Hot News

ඔබටම නිර්මාණය කරගත හැකි Tablet පරිගණකයක්.

 



                      වත්මන් ලෝකයේ බොහෝ පිරිසක් ස්මාර්ට්ෆෝන්, ටැබ්ලට් උපකරණ බහුල වශයෙන් භාවිත කරයි. එම නිසා විවිධ වර්ගවල තාක්ෂණික උපකරණ වෙළඳපොළට නිරන්තරයෙන් එක්වෙයි. PiPad ලෙස හඳුන්වන්නේද එවන්වු Tablet පරිගණකයකි. නමුත් මෙය අන් Tablet  වලට වඩාබොහෝ සේ වෙනස් වෙයි.
 


  • Raspberry Pi පරිගණක සමාගම මගින් මෙය නිර්මාණය කරයි.

  • මිචෙල් කස්ටෝ මෙහි නිර්මාතෘ වශයෙන් කටයුතු කරයි.

  • තමන්ට අවශ්‍ය ආකාරයට Tablet පරිගණකය නිර්මාණය කිරීමේ හැකියාව තිබේ.

  • මෙය Baltic Birch Plywood ලෑලි සහ කාබන් ෆයිබර්වලින් නිර්මාණය කිරීමට හැකියාව තිබේ.

  • ඇමරිකානු ඩොලර් 350ක මිලකට මෙය අළෙවි වෙයි.

  • iPad Air Tablet පරිගණකයට වඩා අඟල් 0.3 විශාලයි.
 
Tab එක හදාගන්න හැටිත් බලන්නකො















 














 
 

ඡායාරූප උපුටා ගත්තේ www.makezine.com වෙබ් අඩවියෙන්










  • තමන් කැමති ආකාරයට Baltic Birch Plywood හා කාබන් ෆයිබර් කොටස් එකතු කරගනිමින් මෙම Tablet පරිගණකය නිර්මාණය කරගත හැකිය.


  •  Linux පාදක වුන Raspian මෙහෙයුම් පද්ධතියක් සහිත මෙය Ethernet Ports, Audio Jack සහ USB Ports වලින් සමන්විත වෙයි.


  • මෙහි නිර්මාතෘවරුන් පවසන පරිදි සාමාන්‍ය Tablet පරිගණක සිදුකරන කාර්යයන් මෙම පරිගණකයෙදී සිදුකළ හැකිය.


  • අඟල් 10.75 * 7.5 * 1 ප්‍රමාණයෙන් යුක්තවන අතර Screen එකෙහි ප්‍රමාණය අඟල් 10කි.


  • මෙයට Bluetooth චිපයක් සම්බන්ධ කිරීමෙන් වයර් රහිත Keyboard හා Mouseයක් සවිකර ක්‍රියාකළ හැකිවෙයි.


  • මෙහි 10,000 mAh බැටරියක් ඇති අතර එය පැය 6ක කාලයක් ක්‍රියාකාරීව පවතී.
  • අනාගත සංස්කරණවලදී මෙම Tablet පරිගණකයට Camera හා infra-red යන විශේෂාංග එක් කිරීමට මෙහි නිර්මාතෘ මිචෙල් කස්ටෝ අදහස් කරයි.


  • මෙයට SD කාඩ් භාවිත කළ හැකිය. එමගින් වීඩියෝ දර්ශන බැලීමට හා සිංදු ඇසීම සිදු කරන්නත් පුලුවන්.


වෙනත් Tablet පරිගණකවල Apps මෙන් භාවිත කරමින් විවිධ කටයුතුවල නිරත විය හැකි අතර විවිධ හැඩයන්ට PiPad Air Tablet පරිගණකය නිර්මාණය කරගත හැකිවෙයි.
  





No comments:

Powered by Blogger.