Ads Top

Aluth Hot News

සබඳතා තර කරගන්නට.







                            Contacts + කියන්නේ ඔබේ පවතින ( Default ) Contacts and Dialer  වැඩසටහන වෙනුවට භාවිතා කරන්නට හොඳම විකල්පයයි. Contacts + යෙදුම හරහා කෙටිපණිවුඩ කරණය, Whats App , Facebook, Twitter යන සේවා සියල්ල එකවිට අත්විඳීමේ හැකියාව සලසා දෙනවා. Contacts + හරහා වඩා වෙනස් පහසුකමක් කෙටි පණිවුඩකරණයේ මෙන්ම සබඳතා පිරික්සුමේදිද ( Contacts Searching ) අත්විඳිය හැකිය. ඒ නිසා වෙනත් App අතරේ සොයා නොගොස්, වඩා පහසුවෙන් කෙටි පණිවුඩ දැකීමට සේම අන්තර්ජාල කතාබහ ( Chat ) වෙත යොමු වීමටත්,  හරහා අවස්ථාව ලැබෙනවා. එසේම මේ හරහා අන්තර්ජාලයෙන් තොරතුරු උකහාගෙන ඔබ වෙත මිතුරන්ගේ උපන්දින දැනුම්දීම්ද සිදු කරනවා. ඒ නිසා Contacts + යනු ඔබේ හිතමිතුරන් වඩා පහසුවෙන් මුණගැසෙන තනි Android යෙදුමක් ලෙස දැක්විය හැක. ආකර්ෂණීය නිර්මාණ, අන්තර්ගත Dialer, Call Log සහ Messages List පසුකම්, ළා පැහැති වර්ණ තේමා, Grid / List ආකාරයේ දර්ශනය, ඔබේ සබැඳුම් හා සම්බන්ධිත Whats App , Facebook, Twitter, Linkedln සහ Foursquare සමාජ ජාල යෙදුම්, ඡායාරූප සහ උපන්දින උකහා ගැනීම (Contacts + හරහා ) එක සමාන අනුපිටපත් සබඳතා ඒකාබද්ධ කිරීම, Sped Dial සහ Quick Call පහසුකමද මේ තුල අන්තර්ගතය.





























 ඇප් එක පහලින් ගන්නකෝ.
https://play.google.com/store/apps/details?id=com.contapps.android&hl=en

No comments:

Powered by Blogger.