Ads Top

Aluth Hot News

ලොව උසම ලිස්සන බෝට්‍ටුව.








                                ලෝකයේ උසම ජල ලිස්සන බෝට්‍ටුව මේ ලඟදි විවෘත උනා. මෙහි ආරම්භය වුනේ ඇඟකිලිපොලා යන අත්දැකීම් සමූහයක් එක්ක. තට්‍ටු 17ක, අඩි 168ක් උස ගොඩනැගිල්ලක සිට පහළට ඇද වැටීම හෝ නයගරා ඇල්ලෙන් පහළට රූටා ඒම සිහිගන්වන මෙය ඔබ කිසිදා නොවිඳි අත්දැකීමකි. ඇමරිකාවේ schlitterbahn kansas city ජල උද්‍යානයේ ඉදිවුණු මෙහි  වරකට පුද්ගලයන් 4 දෙනෙක් ඉහළට ගෙනයා හැකි පහුරක්ද වෙනවා. පසුගිය මැයි මාසයේදී විවෘත කිරීමට තිබුණත්, එම අපහුරේ ඇති වුනු දෝෂයක් නිසා මෙහි විවෘත කිරීම කල් දැමුනා. නමුත්, ජල උද්‍යාන බලධාරීන් පවසා සිටින්නේ මේ වනවිට ලිස්සන බෝට්‍ටුව පූර්ණ ආරක්ෂාවක් සහිතව ක්‍රියාත්මක තත්ත්වයේ පවතින බවය. පැයට සැත්පුම් 45 - 65 ත් අතර වේගයකින් පහළට රූටා එමින්, නැවතත් තට්‍ටු 5ක පමණ උසකට ගෙන ගොස් නැවත පහළට පැමිණීම ලොව උසම  ලිස්සන බෝට්‍ටුවේදී අත්විඳීමට අවස්ථාව සැලසෙන්නේ ඒ ත්‍රාසජනක ගමනේ වීඩියොවක්ද ඔබ වෙත උරුමකර දෙමිනි.








No comments:

Powered by Blogger.