Ads Top

Aluth Hot News

තාරුණ්‍යයේ සිහින අත්ඔරලෝසුව.







                              මෙහි වෙලාව හා පණිවුඩ ප්‍රක්ෂේපණය කළ හැකි ආකාර දෙකකි. ඒ මෙම උපාංගය මත ඇති බොත්තම ටච් කිරීම මගින් හෝ තම අත සෙලවීම මගිනි.  තත්පර 10ක පමණ එම ප්‍රක්ෂේපණ ආලෝකය දර්ශනය වේ. තාරුණ්‍ය වෙනුවෙන් නිපදවන තාක්ෂණික උපකරණ අතර අත් ඔරලෝසුව විශේෂ ස්ථානයක් ගනී.

" මැණික් ක‍ටු පලඳනාව " ලෙස නිර්මාණය වූ ස්මාර්ට්වොච්, ස්මාර්ට්බෑන්ඩ් ආදී තාක්ෂණික උපකරණයන්ගෙහි පෙරළියක් සිදුකරමින් නවතම අත් ඔරලෝසුවක් නිර්මාණය කිරීමට යුක්‍රේන ජාතික මයිකල් මැඩ්විඩ් සමත්ව සිටියි.

අතෙහි පලඳින " පිකෝ ප්‍රොජෙක්ටරයක් " සහිත ලොව ප්‍රථම ප්‍රක්ෂේපණ අත් ඔරලෝසුව මෙය වෙයි.බ්‍රේස්ලට් උපාංගයක් සේද පැලඳිය හැකි මෙම අත් ඔරලෝසුව, විශේෂ හැඩයක් ගත් සාමාන්‍ය උපාංගයක් ලෙස හා ක්‍රීඩා කිරීමේදී උචිත උපාංගයක් ලෙස වර්ග දෙකකින් යුක්ත වෙයි. තම ස්මාට් දුරකථනය හා බ්ලූටූත් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වන මෙය වෙලාව පමණක්ම දර්ශනය නොකරයි.


 





    ප්‍රථමවරට මෙම සංකල්පය පිළිබඳ තොරතුරු නම් indiegogo සමාජ වෙබ් අඩවියෙන් පළකර   තිබෙනව.  



 තමන්ගේ දුරකථනයට පැමිණෙන,
  •     දුරකථන ඇමතුම්,
  •     කෙටිපණිවුඩ,
  •     ඊමේල් ( Emails ),
  •     ෆේස්බුක් ( Facebook Notification ),
  •     ‍ටුවිටර් Notification,
  •     කාලගුණය Notification
  •     ඇතුළු අනෙකුත් ඇප් Notification ,
  •     Reminders, meetings,
  •     Calendar Alerts,
  •     Silent Vibrating alarm and timer.
ආදියද මෙමගින් දැනුම් දෙයි.






එසේ පැමිණෙන එම පණිවුඩ මෙම උපාංගය Vibrate වීමක් මගින් අදාළ පුද්ගලයාට දැනුම්දෙයි. 



 





                බ්‍රේස්ලට් සංස්කරණය ලෙදර්වලින්ද ක්‍රීඩා සංස්කරණය ප්ලාස්ටික්වලින්ද නිපදවා ඇති අතර මෙම සංස්කරණ දෙකම කළු හා සුදු පැහැයෙන් යුක්ත වේ. ක්‍රීඩා සංස්කරණය රතු, කොළ හා නිල් පැහැයෙන් නිපදවනු ඇත. බ්‍රේස්ලට් සංස්කරණය තඹ හා ලෝකඩ වලින් නිපදවා ඇත.




 

මෙහි බැටරිය ප්‍රක්ෂේපණ ආකාරය යටතේ දවස් 6ක් එනම්, පැය 150ක් පමණ ආයු කාලයකින් සමන්විත වේ.





 ජලකාන්දු නොවන උපකරණය්ක්  වන මෙහි ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයට ගැළපෙන සේ නිර්මාණය කර තිබේ.



  ප්‍රක්ෂේපණය වන ආලෝකයේ වර්ණය වෙනස් කළ හැකි වෙයි. එහි වර්ණයන් 20කට අධික ප්‍රමාණයක් ඇත.



මෙහි ප්‍රක්ෂේපණය වන ආලෝක කිරණ තම අතට හා ශාරීර සෞඛ්‍යට අහිතකර නොවෙයි.


ඔබට අවශ්‍ය පරිදි වම හා දකුණ ලෙස දර්ශනය විය යුතු පැත්ත වෙනස් කළ හැකිවෙයි.



            මෙහි නිර්මාතෘ මැඩ්විඩ් පවසන ආකාරයට මෙම මාසයේ මෙහි ප්‍රචාරණ කටයුතු ආරම්භ කරන අතර බ්‍රේස්ලට් සංස්කරණය ඇමරිකානු ඩොලර් 120ක් ද, ක්‍රීඩා සංස්කරණය ඇමරිකනු ඩොලර් 160ක් දමිල වනු ඇති බව කියයි.


    මෙම Handband සංකල්පය Ritot ලෙස හඳුන්වයි. 



       මෙම අත් ඔරලෝසුව නැවත ආරෝපණය කිරීමට, වෙලාව සකස් කිරීමට, ප්‍රක්ෂේපිත වර්ණයන් වෙනස් කිරීමට හැකි ‍රැහැන් රහිත උපාංගයක් මේ සමග ලබා ගැනීමට හැකි වෙයි.



 


No comments:

Powered by Blogger.