තමන්ගේ සිතැඟි පරිදි සකසා ගත හැකි ස්මාට්ෆෝන්.

ලොව පුරා ඇති තරඟකාරිත්වය නිසා දිනෙන් දින තාක්ෂණය සමග සංයෝජනය වූ උපකරණ නිර්මාණය වෙයි. Phoneblock යනු තාක්ෂණික දිශානතිය වෙනස් කිරීමට සමත්වුණ ස්මාර්ට් ජංගම දුරකථනයකි. Project Ara යටතේ ක්‍රියාතමක වන මෙය සම්මත ස්මාට්ෆෝන් හැඩයන්ගෙන් වෙනස්ම ආකාරයක් ගනී.
නෙදර්ලන්ත ජාතික ඩෝව් හැක්කෙන්ස්ගේ සංකල්පයක් මත මෙය ගොඩනැගුණි. උපාධිධාරියෙකු වන මොහු මීට අමතරව වෙනත නිර්මාණයන් සිදුකර තිබේ.

මෙය අන් ස්මට්ෆෝන් වලින් වෙනස් වන්නේ මෙය තමන්ට අවශ්‍ය ආකාරයට සකසාගත හැකි නිසාය, කැමරාව, බැටරිය, වෙනත් සංවේදක ආදී දුරකථනයක කොටස් වෙන වෙනම එකතු කර මෙය නිර්මාණය කරගත හැකි වෙයි.
- තමන්ට පවතින දෘඩාංගයේ වෙන අලුත් සංස්කරණයක් අවශ්‍ය නම් අනෙකුත් දුරකථන මෙන් සම්පූර්ණ දුරකථනය මිලට ගතයුතු නොවෙයි.
- අදාළ දෘඩාංගය පමණක් ගලවා අලුත් දෘඩාංගයක සවිකර ගත හැකිවෙයි.
- දිනෙන් දින ලොව තුළ වැඩිවෙන අනවශ්‍ය විද්‍යුත් උපකරණවලට විසඳුමක් ලෙස ඩෝව් හැක්කෙන්ස්ගේ උපකරණය හැඳින්විය හැකිය.

- ඡායාරූප ගැනීමට ඊට අදාළ විශාල කැමරාවක්ද,
- කාර්ය බහුල පුද්ගලයන්ට වැඩි බැටරි කාලයක්ද,
- මහලු පුද්ගලයන් සඳහා විශාල ස්පීකරයක්ද සහිතව සකසා ගත හැකි වෙනවා,
සමාජයේ විවිධ තරාතිරම්වල පුද්ගලයන්ට මෙය ගැළපෙන පරිදි තමන්ටම මෙහි දෘඩාංග වෙනස් කීරීමට හැකියාව තියෙනවා.

2013 වසරේදී ආරම්භ කළ මෙම Project Ara ව්‍යාපෘතිය යටතේ මෙම Phoneblock නිර්මාණය කිරීමට නියමිතව තිබේ. මෙම දුරකථනය ඉදිරියේ දී වෙළඳපොලට ඉදිරිපත් කිරීමට නියමිතයි
අපට Like එකක් දාන්න අමතක කරන්න එපා.
No comments:
Post a Comment