Ads Top

Aluth Hot News

App to Help you Quickly Apply the App Swap


ඔබේ App වෙත ඉක්මනින් පිවිසෙන්න උදව් කරන  App Swap


             ඉතාමත් කාර්යබහුල ජීවිත ගතකරන අපට සමහර අවස්ථාවල ජංගම උපාංගයේ තිබෙන ඇප්  එකකට පිවිසීමට ගතවන කාලයත්, කාලය කා දැමීමක් ලෙස සිතෙන අවස්ථා නැතුවාම නොවේ. මෙයට පිළියමක් වශයෙන් එළිදැක්වුණු App Swap නම් ඇප් එකට නව අංග කිහිපයක් එක් කිරීමට එහි නිෂ්පාදකයන් කටයුතු කර තිබේ. මෙහී කැපී පෙනෙන නව අංගයක් ලෙස pop-up App Drawer එක දෙපසට Swape කිරීමේ හැකියාවයි App Drawer  එක දෙපස ඇති ඔබ වැඩිපුරම භාවිත කරන ඇප්  දෙකට ඉක්මනින් පිවිසීමේ හැකියාව මෙමගින් ලබා දී තිබේ. ඇමරිකානු ඩොලර් 1.99ක මුදලක් ගෙවීමට ඔබට හැකියාව තිබේ නම් App Drawer  එකට උඩින් හා යටින්ද ඇප්ස් දෙකක් එකතුකර ගැනීමේ හැකියාව ඔබට හිමි වේ. මීට අමතරව මෙහි  T9 පහසුකමද ඇත. ඔබට ඔබ සතුව තිබූ පළමු ජංගම දුරකථනය මතක නම් එහි තිබූ Key pad  එක  භාවිතා කර Message  කළ ආකාරය මතක ඇතුවාට  සැක නැත. නැවතත් එම අත්දැකීම ඔබට ලබා ගැනීමට අවශ්‍ය නම්, App Swipe ලබා දෙන T9 පහසුකම හරහා නැවත අතීතයට පිවීසීමේ හැකියාව ඔබට හිමිවේ.



No comments:

Powered by Blogger.