Ads Top

Aluth Hot News

PDF PROvider







                  සාමාන්‍යයෙන් ඕනෑම නවීන ස්මාර්ට් ෆෝන් එකක තියෙන ප්‍රයෝජනවත් යෙදුමක් වන්නේ අඩෝබි රීඩරයයි. මෙය PDF ගොනු  කියැවීම සඳහා ලෝකයේ ඇති විශිෂ්ටතම මෙනම පහසුතම යෙදුමක් බව  අමුතුවෙන් කිව  යුතු නැත. මේ වන විට ඊබුක් සම්බන්ධයෙන් අතිමහත් උනන්දුවක් ඇතිවෙමින් තිබෙන අතර, ඊබුක් කියැවීමට පමණක් නොව කළමනාකරණය කරගැනීමට පවා පහසු කරවන යෙදුම් විශාල සංඛ්‍යාවක් මෘදුකාංග වෙළඳ පොළ තුළ දක්නට ලැබෙනවා. කෙසේ වෙතත් මෙහිදී PDF ඊබුක් ලෙසින් නොසැලකෙන ප්‍රවණතාවක් පෙනෙන්නට ඇති හෙයින් මෙම යෙදුම් වලින් PDF ගොනු සඳහා එතරම් සේවයක් ඉෂ්ට නොවන බවද පෙනී යයි.











               ඇපල් සමාගමේ iOS මෙහෙයුම් පද්ධතියෙන් ධාවනය වන උපාංග සඳහා හඳුන්වා දී ඇති PDF PROvider යෙදුම සුවිශාල ලෙස ප්‍රයෝජනවත් වන්නේ මේ අවස්ථාවේදීය. මෙහිදී මෙයින් සැලසෙන්නා වූ ප්‍රමුඛතම සේවය වන්නේ ඔබේ PDF ගොනු මනාව කළමනාකරණය කරගැනීම වුවත්, මෙහි හැකියාවන් ඉන් එපිටට විහිදී යයි.ඔබට PDF PROvider යෙදුම භාවිතයෙන් ඕනෑම ලේඛනයක් හෝ ඡායාරූපයක් PDF ගොනුවක් බවට හැරවීමට හැකියාව තිබේ. විශේෂයෙන්ම අන්තර්ජාලය තුළ සැරිසරන අතරේදී ඔබ දකින යම් ප්‍රයෝජනවත් අන්තර්ගතයක් පවා ... ගොනුවක් ලෙසින් සුරක්ෂිත කර ගැනීමට මෙයින් ඉඩ සැලසේ. එසේම යම් ඡායාරූපයක් ස්මාට්ෆෝනයේ කැමරාව ආධාරයෙන් ස්කෑන් කර එය PDF  කිරීමටද මෙහි පහසුකම් ඇත. එසේම විවිධ ගොනු කිහිපයක් එක් PDF  ගොනුවක් ලෙසින් එකතු කිරීමටද මෙහි සුවිශේෂී හැකියාවක් තිබේ. මෙහිදී එකිනෙකට වෙනස් වර්ගයන්  ගොනු වුවද ගැටලුවක් නැත.




මෙය සාමාන්‍යයෙන් මිලදී ගත යුතු යෙදුමක් වුවත්, ඔබට කෙටි කාලයක් සඳහා PDF PROvider යෙදුම iTunes  ඔස්සේ නොමිලේ බාගත කරගැනීමට ඉඩ ලබාදී ඇත.




 ඇප් එක මෙතනින් ගන්නකෝ.



https://itunes.apple.com/us/app/pdf-provider/id436673117?mt=8


No comments:

Powered by Blogger.