මර්සිඩීස් කාරයේ අලුත්ම සංකල්පය.

මර්සිඩීස් සමාගම රියදුරන් රහිත සිය මෝටර් රථ සංකල්පය පසුගියදා ප්‍රසිද්ධියට පත්කලා, මේ මෝටර් රථයේ අභ්‍යන්තර සැලසුම් කර තියෙන්නේ බැලූ බැල්මට සුපෝඛභෝගී නිවසක සාලයක් මෙනි.
අනාගත කාරය ලෙස හඳුන්වන මේ මෝටර් රථය සම්පූර්ණයෙන් සුවපහසුව මත පදනම්ව සැලසුම් කර තියෙන අතර, ආසන හතරකින් යුතු මෙම මෝටර් රථයේ ගමන් කරන මගීන්ට මුහුණට මුහුණ බලාගෙන තේ කෝප්පයක් රස බැලීම සඳහා කුඩා මේසයක්ද, ඒ තුළ ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇතැයිද මේ සමාගම පවසනවා.මෝටර් රථයේ ඉදිරි ආසන දෙක පිටුපස කැරකැවිය හැකි අතර මගීන්ට සොය සංචාරය අතරතුර විවේකයක් ගැනීමට හෝවෙනත් වැඩක නිරත වෙන්නද පුලුවන්.
මේ කාල්පනිඅක අභ්‍යන්තර සංකල්පය හරහා අපි අනාගතයේ සුඛෝපභෝගී බව මේ වගේ කියන අදහසක් දෙන්නයි උත්සහ කරන්නේ යනුවෙන් පවසන්නේ මර්සිඩීස් සමාගමේ ප්‍රධාන නිර්මාණ ශිල්පී ගොර්ඩ්න් වැජෙනර් ය.

නව්‍යකරණ අභ්‍යන්තර සංකල්පයේ ප්‍රධානම විශේෂාංගය වන්නේ චලනය කළ හැකි ආසන පද්ධතියයි. සුවපහසු ආසන හතරම ඒ මේ අත හැරවීමට හැකි නිසා වාහනයේ රියදුරු අසුනද ඇතුළු ඉදිරිපස ආසන දෙකේ ගමන් කරනා මගීන්ට වාහනය ස්වයංක්‍රීයව ධාවන වන අතරතුර අවශ්‍ය නම් පමණක් පසුපසට කැරකැවිය හැකි පසුපස දෙකේ ගමන් කරනා මගීන් දෙදෙනා සමග සතුටු සාමීචියකද යෙදෙන්නට පුළුවනි.
සුවපහසු සහ අනතුරු රහිත රිය පැදවීමක් සඳහා බලපාන ප්‍රධානම සාධකය ස්වයංක්‍රීය රිය පැදවීමකට කියලා අපි තේරුම් ගත්තා යනුවෙන් පවසන්නේ බෙන්ස් සමාගමේ සමූහ පරීක්ෂණ ප්‍රධානී ආචාර්ය හර්බට් කොහ්ලර් ය.
උදාහරණයක් විදියට දිගු වාහන පෝළිමකදී, ජනාකීර්ණ නගරයකදී හෝ දිගු සංචාරයක යෙදෙන විට රිය පැදවීම කියන්නේ ඉතාමත් වෙහෙසකර සහ පීඩාකාරී දෙයක් ඉතිං ඊට හොදම උදාහරණය තමා ස්වයංක්‍රීය රිය පැදවීම.
No comments:
Post a Comment