පරිගණක තිරයෙන් ඔබ්බට අධ්‍යාපනික වීඩියෝ ක්‍රීඩාවන්.

ලෝකය හැම විනඩියකම හැම තප්පරයකම අළුත් දෙයක් සොයන උත්සහයේ යෙදෙයි. එය ලෝකයේ යම්කිසි තරාතිරමක පුද්ගලයෙකුට කුමන අවස්ථාවක හෝ ප්‍රයෝජනවත් වනු ඇත.

ඒ සඳහා විවිධ සමාගම් නිරන්තරයෙන් උත්සහයක යෙදෙයි. පරිගණක ක්‍රීඩා ලොව තරුණ තරුණියන් අතර උන්මාදයක් ඇති කිරීමට සමත් ක්ෂේත්‍රයකි. තරුණ තරුණිය්න් අතරින් නොවැතුණ මෙය බාල මහලු කාටත් එක සේ රසවිඳිය හැකි දෙයක් බවට පත්වීමට ගතවූයේ වසර කිහිපයක් තරම් කෙටි කාලයකි. ඉන් නොනැවතිණ මෙම පරිගණක ක්‍රීඩා, Play Station / One Box වැනි උපාංග නිර්මාණය වීමත් සමග එය තවත් සංකීර්ණ විය.
අද වන විට අන්තර්ජාලය හා මෙම ක්‍රීඩා උපාංග අතර ඇත්තේ කිට්‍ටු සම්බන්ධතාවකි. සාමාන්‍යයෙන් පරිගණකයට හා ක්‍රීඩා උපකරණවලා සම්බන්ධ කරමින් ක්‍රීඩා කරන Joystick කී බෝඩ් වැනි උපාංග අද වෙළඳ පොළෙහි බොහෝ ජනප්‍රිය වී ඇත.මෙම උපාංගයන්ට සම්පූර්ණ වශයෙන් වෙනස් වූ උපාංගයක් සමාගම විසින් නිර්මාණය කර තිබේ.

වර්ධනය වන ළමයින් සඳහා මෙය බොහෝ සේ උපකාරී වනු ඇත. ළමයින්ට විෂය කරුණු මෙන්ම අනෙකුත් අධ්‍යාපනික කරුණු ක්‍රීඩා මාර්ගයෙන් ඉගෙන ගැනීමේ හැකියාවක් පවතී.

- මෙය කුඩා උපාගයකි,
- අයිපෑඩයේ ඇති ඉදිරිපස කැමරාව ආවරණය කරමින් මෙම උපාංගය සවි කරයි.
- එම උපාංග කොටස පරාවර්තනයක් ලෙස ක්‍රියා කරයි.
- එයින් චිත්‍ර නිර්මාණය කරනු ලබන පුවරුව මත ඇති සියලු දෑ රූපයක් ලෙස ග්‍රහණය කර ගනී.
- අයි පෑඩ් හා අයි පෑඩ් එයාර්2 ඇතුළු අලුත් මාදිලියේ අයිපෑඩ් සඳහා මෙය සහාය දක්වයි.
No comments:
Post a Comment