Speed up your computer with a slower time.

කාලයත් සමග මන්දගාමී වූ පරිගණකය වේගවත් කරගන්න.
පරිගණකය තුලින් වැඩ ගන්නා විට එහි ක්‍රියාකාරීත්වයට සම්බන්ධයෙන් නොයෙකුත් තොරතුරු පරිගණකය මත රැදෙනවා. ඒ වගේම නොයෙකුත් වැඩ සටහන් සමග පෑහී වැඩ කරන විට විවිධ උපක්‍රම යොදා ගන්න විට ඊට අදාලව ගොඩ නැංවෙන තාවකාලික මතකයකට අයත් තොරතුරු ද පරිගණකය තුලින් ඉවත් නොවී තියෙනවා. ඒ වගේම අන්තර්ජාලයට සම්බන්ධව වැඩ කරන විට නොයෙකුත් වෙබ් අඩවි තුලින් පතුරුවා හරින මැල්වෙයා වැඩසටහන් පරිගණකය තුල රැස් වෙනවා. මේ සිදුවීම් සියල්ල නිසා ඔයාලගෙ පරිගණකය කාලයක් යනකොට අලුතින් ගන්නා විට තිබුණාට වඩා බොහෝසෙයින් මන්දගාමී වෙලා තියෙනවා. නොයෙක් මෘදුකාංගවලින් වැඩ කරන්නට යාමේදී තිබිය යුතු සුමට බව ඒවායේ නැති බවක් දැනේවී.
ඒත් එහෙම නොවී හිගටම පරිගණකය හොඳින් ක්‍රියාත්මක වෙමින් තිබෙන්නට නම් එය නිවැරදිව නඩත්තු කලයුතු වෙනවා. මේ සඳහා සඳහා නොයෙකුත් වැඩසටහන් තියෙනවා. මෙවැනි හොඳ වැඩසටහනක් විදියට Glary Utilities ( ග්ලේරී යූටිලිටීස් ) වැඩසටහන හඳුන්වා දෙන්න පුළුවන්. මේ වැඩසටහන නොමිලේ www.glarysoft.com යන වෙබ් අඩවියෙන් නොමිලේ බාගත හැකිය.
No comments:
Post a Comment