Ads Top

Aluth Hot News

Get back to the brain memory

        මතකය නැවත ප්‍රකෘතිමත් කළ හැකි ආකාරයේ සොයා ගැනීමක් සොයා ගැනීමට හැකිවුනු බව කැලිෆෝනියාවේ වෙසෙන විද්‍යාඥයන් පිරිසක් පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා
                                      දැනට ගොළුබෙල්ලන් යොදාගනිමින් කරන මෙම පරීක්ෂණය අනාගතයේ දිනෙක ' ඇල්සයිමර් ' රෝගයේ මුල් අවස්ථාවේ සිටින රෝගීන්ට නව බලාපොරොත්තුවක් ලබාදිය හැකි බව ඔවුහු පෙන්වා දෙනවා. ඒ වගේම මතකය සම්බන්ධයෙන් වන ජනප්‍රිය න්‍යායක් වැරදි බව පවසන මෙම පර්යේෂකයෝ දීර්ඝ කාලීන මතකය නැවත ප්‍රකෘතිමත් කරන ආකාරය ගැනද විස්තර කරනවා.  දශක ගණනාවක් තිස්සේ ස්නායු විද්‍යාඥයන් විශ්වාස කළේ මිනිසුන්ගේ මතකය තැන්පත් වී තියෙන්නේ මොළයේ සෛල නැතිනම් නුරෝන එකිනෙකට සම්බන්ධ කරන සම්පර්ණකය ( Synapses ) බවයි. ඇල්සයිමර් රෝගයේදී විනාශ වෙන්නේ මේ කියන සම්පර්ණකයයි. එහෙත් එය නිවැරදි නොවන බවට නව පරීක්ෂණ තුලදී සොයා ගැනීමට හැකි වෙලා තියෙනවා.

     " දීර්ඝ කාලීන මතකය සම්පර්ණකයේ තැන්පත් වී නැහැ " යනුවෙන්  පවසන්නේ මෙහි පරීක්ෂණ කණ්ඩායමේ පධානියා වගේම ස්නායු විද්‍යා මහාචාර්යවරයෙකුද වන ඩේවිඩ් ග්ලන්ස්මාන් ය. ඔවුන් තව දුරටත් පවසා සිටියේ ඒක ‍රැඩිකල් අදහසක් වන බවත් ඒත් ඒ බව තහවුරු කරන්නට සාක්කි ලැබිලා තියෙන බවත්ය. ඒකට  නිදසුනක් ලෙස කියා සිටියේ අහිමි වූ සම්පර්ණක සම්බන්ධතාව නැවත ප්‍රකෘති කරන්න ස්නායු පද්ධතියට හැකිබවය. " ඔබට පුළුවන්නම් සම්පර්ණකය සම්බන්ධතාවය ලබා දෙන්න එවිට මතකය නැවත ලැබෙනවා. ඒත්  ඒක ලේසි දෙයක් නෙවෙයි. එහෙත් එය කල හැකි බව මම විශ්වාස කරනවා " ඉහත පරීක්ෂණය පිළිබඳ තොරතුරු මේ වනවිට eLife හි පළකර තියෙනවා.

                    මෙම පරීක්ෂණයෙන් ලැබුණු ප්‍රථිඵල ඇල්සයිමර් රෝගය සම්බන්ධයෙන් යොදාගත හැකි බවද ග්ලාස්මාන් පවසනවා. ඇල්සයිමර් රෝගය වැලඳුණු විට මොළයේ සම්පර්ණක විනාශ වී ගියත්, ඉන් ඔහුගේ හෝ ඇයගේ මතකය විනාශ නොවේ. ස්නායු ක්‍රියාකාරීත්වය තියෙන තාක්කල් මතකයන් එහි තැන්පත් වෙලා තියෙනවා. ඒ නිසා අල්සයිමර් රෝගයේ මුල් අවස්ථාවේදී අහිමි වූ මතකයන් සැලකිය යුතු කොටසක් නැවත ප්‍රකෘතිමත් කළ හැකිය.




No comments:

Powered by Blogger.