Ads Top

Aluth Hot News

The Mobile Life Report - ජංගම දුරකථන පරපුරේ කුල භේදය


ජංගම දුරකථන පරපුරේ කුල භේදය

                මොබයිල් ෆෝන් නිසා බිහිවූ සමාජ කාණ්ඩ 6ක්

                     ජංගම දුරකථනයට මිනිසා ඇලී ගැලී සිටින්නේ කොහොමදැයි කියල හොයල බලන්න මේ වන තෙක් කළ විවිධ සමීක්ෂණ හැම එකකටම වඩා පුළුල් සමීක්ෂණයක් බ්‍රිතාන්‍යයේ ලන්ඩන් ආර්ථික විද්‍යා ආයතනය පසුගිය වසරේ මෙහෙවනු ලැබුවා. ජංගම දුරකථන පාවිච්චි කරන්නෙක් වෙතොත් හේ අයිති වෙන්නේ මොන වර්ගයටද කියල පෙන්වන්නට පුළුවන් හැසිරීම් කණ්ඩායම් මේ සමීක්ෂණය තුලින් සොයාගැනීමට හැකි වෙලා තියෙනවා. මේ ලන්ඩන් ආර්ථික විද්‍යා ආයතනය වෙනුවෙන් මෙහෙයවූ යූගෝ ( You Gov ) සමීක්ෂණ ආයතනයයි. " ද මොබයිල් ලයිෆ් රිපොර්ට් " ( The Mobile Life Report ) කියල තමයි මේ තොරතුරු ඇතුලත් වාර්තාව නම් කරල තියෙන්නේ. මේ වාර්තාවට අනුව ඒ බැදීම් ආකාර 6කි,
  • සාමාන්‍ය ජංගම දුරකථන භාවිතා කරන්නන්(Genaeration Mobile)
     මේ අවස්ථාවට අයත් වෙන්නේ අවුරුදු 18 - 24 අතර වයසෙ ඉන්න  සිසුන් හෝ මුලින්ම ‍රැකියාවට ගිය පිරිසයි.
  • කඩිසරව කටයුතු කරන්නන්(Smart Connected)
    මේ අවස්ථාවට අයත් වෙන්නේ තමන්ගේ ජංගම දුරකථනය මගින් දවසේ කටයුතු කලමනාකරණය කර ගන්නා අවුරුදු 25 සිට 44 දක්වා වයසේ සිටින අඟහිඟකම් නැති පිරිසටයි.
  • දුරකථන ජේත්තුකාරයින්(Phonetics)
      මේ අය තමන්ගේ හැව්ටි පෙන්වන්නට පුළුවන් හොඳම ඉලෙක්ට්‍රොනික් මෙවලම් ජංගම දුරකථන යැයි සිතන, වයස අවුරුදු 18 සිට 34 අය වන තනිකඩ පිරිසයි.
  • දුරකථනයේ එදිනෙදා ඕනෑ එපාකම් ගැන කල්පනා කරන්නන්(Practical Parents)
          මෙලෙස වර්ග කරන්නේ වියහියදම් ගැන සැලකිලිමත් වෙන වයස අවුරුදු 34ට අඩු  දරු පවුල් නඩත්තු කරන වැඩිහිටියන්ය.
  • විශ්‍රාමයට කිට්‍ටු වයසේ සිටින දෙමාපියන් හා මැදි වයසෙ ඉන්න මධ්‍යම පාන්තිකයන්(Silver Cynics)
        අඟහිඟකම් නැති, ඉහළ ‍රැකියාවල නියතු විශ්‍රාමයට කිට්‍ටු වයසේ සිටින දෙමාපියන් හා මැදි වයසෙ ඉන්න මධ්‍යම පාන්තිකයන් යටතට අයත් වේ.
  • විවාහක, මැදිවියේ සිටින විශ්‍රාමිකව සිටින සිය මුනුබුරන්, මිනිබිරියන් සමග ජීවත් වන අය(Finger And Thumbs)
        මේ  අයට අයත් වෙන්නේ විශේෂිත වැඩක් කරන්නේ නැති පුද්ගලයින් ගණයටය.
        මොබයිල් ලයිෆ් රිපෝට් මගින් පෙන්වල දුන්නු මේ කණ්ඩායම තවදුරටත් කියා සිටියේ විශේෂයෙන්ම කාන්තාවන් එයින් අතුරු ප්‍රයෝජන ලබනව කියලයි. මොකද එයාල කියනව තනි පංගලමේ ගමනක් යන කාන්තාවන්ට ආරක්ෂාවක් විදියට මේ ජංගම දුරකථනය භාවිතා කරන බවත්ය. ඉතින් මේ සියල්ලම එක්ව ගත්විට පේන වැදගත්ම දේ තමයි සමාජය ජංගම දුරකථනය භාවිතා කරන්නෙ කොහොමද යන වග පමනක් නොව සමාජය ජංගම දුරකථනයට කෙතරක් තදින් බැඳී ඉන්නවද යන්න.







No comments:

Powered by Blogger.