Bitcoin - Lesson 02

බිට්කොයින් තාක්ෂණය
බිට්කොයින් තාක්ෂණය නිමවලා තියෙන්නේ පරිගණක ජාල ප්‍රමිතියක් හෙවත් ප්‍රොටෝකෝලයක් ( Protocol ) හා ඩිජිටල් ආරක්ෂණ ක්‍රමයක් ( Cryptography ) එකිනෙකට සම්බන්ධ කරමින්ය. බිට්කොයින් වැඩසටහන ඕපන් සෝස් එකක්. එනම් එහි සියළු මූලාශ්‍ර කේත ( Source Code ) කාටත් පෙනෙන සේ තියලා තියෙනවා. ලොව ඕනෑම කෙනෙක්ට දියුණු කරන්න, වෙනස් කරන්න වගේම ඔයාල වෙනස් කර සංස්කරණය තමන්ගේ නමින් ප්‍රසිද්ධ කරන්නට පුළුවන්.
බිට්කොයින් ජාලයක් නිර්මාණය කර ගන්නා මෙම පරිගණක වැඩසටහන, 2008 දී අන්තර්ජාලය හරහා පර්යේෂණ පත්‍රිකාවක් මඟින් ඉදිරිපත් එකක් වෙනවා. එහි නිර්මාතෘ වෙන්නේ සටෝෂි නකමොටෝ ( Satoshi Nakamoto ) කියන පුද්ගලයාය. ඒත් එය සැබෑ කර්තෘ සඟවන නාමයක් බව පොදු මතයයි.
බිට්කොයින් ජාලය යනු පියර් - ටූ - පියර් (Peer - to- Peer ) මුදල් හුවමාරු ජාලයක්. මෙම ජාලයට යම් කිසි පරිගණක් සම්බන්ධ කරනවනම් එය බිට්කොයින් තාක්ෂණය ක්‍රියාත්මක කරන්නට පුළුවන් උපාංගයක් බවට පරිවර්තනය කරගත යුතු වෙනවා. විශේෂ වූ පරිගණක වැඩසටහනක් ( Bitcoin Client ) පරිගණකයට ස්ථාපනය කර, එය කරන්නට පුළුවන්. ජීයූඅයි මයිනර් ( GUI Miner ) යනුද එවැනි ජනප්‍රිය ක්ලයන්ට් වැඩසටහනක්.
බිට්කොයින් මයිනිං
යම්කිසි පරිගණකයක් බිට්කොඉන් ජාලයකට ( Mining Pool ) සම්බන්ධ කරල, ජීයූඅයි මයිනර් වැනි බිට්කොයින් ක්ලයන්ට් වැඩසටහන උදව් කරගෙන බිට්කොයින් නිපදවා ගැනීම හඳුන්වන්නේ බිට්කොයින් මයිනිං ( Bitcoin Mining ) කියලා. ඒ වෙනුවෙන් යොදවලා තියෙන පරිගණක හඳුන්වන්නේ මයිනර්ස් ( Miners ) කියල.
මේ වගේ මයිනර් එකක් බිට්කොයින් ජාලයකට සම්බන්ධ කල විට, ඒ පරිගණක වෙත විශේෂිත ගණිත ගැටළුවක් හා එය විසඳිය හැකි වන ආකාරයේ උපදෙස් මාලාවක් ( ඇල්ගොරිතමයක් / Algorithm ) නිකුත් කෙරෙනවා. එවිට පරිගණකයේ ප්‍රොසෙසර් ධාරිතාව යෙදවී මේ ඇල්ගොරිතමය විසඳලයි. මෙය ඉබේම සිදුවන්නකි. මේ විදියට කරන ගැටළු විසඳීම ගැන තොරතුරු සහිත දත්ත සමුදායක් හෙවත් ඩේටාබේස් එකක් පරිගණකය තුල සෑදේ. එය මයිනර් පරිගණකයට කිසි වැදගැම්මක් නැති තොරතුරු කොටසකි. එනම් පූරක හෙවත් හැෂ් ( Hash ) එකකි.
මෙසේ පරිගණකයේ සම්පත් යොදා ගනිමින් නිපදවන හැෂ් මතකය, බිට්කොයින් ජාලයට වාර්තා වෙනවා. ඒ කියන්නේ උපයන බිට්කොයි මුදල ගැන සටහනක් හෙවත් ලෙජරයක් නිර්මාණය වෙනවා. සාමාන්‍ය බැංකුවක ගනුදෙනු කරුවන්ගේ විස්තරය ඇති ලෙජරය රහස්‍ය එකක් වෙනවා. එහෙත් බිට්කොයින් ලෙජරය ප්‍රසිද්ධ එකක්. එය හඳුන්වන්නේ ( Blockchain ) කියල. මෙය බිට්කොයින් ජාලයට සම්බන්ධ කාටත් පහසුවෙන් බාගත කරගන්න පුළුවන්. ඒ නිසා එය විමසා බලා, දැනට ඇති බිට්කොයින් සහ ඒවා හුවමාරු කර ගත්තවුන් ගැන සියලු තොරතුරු දැන ගන්න පුළුවන්.
No comments:
Post a Comment