Bitcoin - Lesson 01

බිට්කොයින් ගැන සරල සිංහලෙන් ඉගෙන ගන්න.
දැන් තියෙන මුදල් භාවිතා කරන්නේ සැබෑ ලෝකයේදීය. ඉතින් ඒවාට වටිනාකමක් දී තිබෙන්නේ ප්‍රයෝජනවත් භාණ්ඩ සහ සේවා නිෂ්පාදනය කරන ප්‍රමාණය අනුවය. ඒත් එය එසේ නොව නව පරිගණකයකිල් සංකීර්ණ ගණිත ගැටළුවක් විසඳන වාර ගනන අනුව වටිනාකම තීරණය කරන මුදල් ඒකකයක් දැන් ලොව පුරා ජනප්‍රිය වෙලා තියෙනවා. ඒ තමයි බිට්කොයින් ( Bitcoin ) කියන මුදල් ඒකකය. එහි සම්මත සංකේතය BTC යන්නයි. පරිගණකයක් තුලින් ගණිත ගැටළුවක් විසඳා කරන ' නිෂ්පාදනය 'දක්වන මුදල යන තේරුම දෙන විදියට මේ මුදල් වර්ගය හඳුන්වනේ ක්‍රිප්ටොකරන්සි ( Crypto - Currency ) කියාය. අන්තර්ජාලයට සම්බන්ධ ඕනිම පරිගණකයක් මගින් මේ බිට්කොයින්මුදල් උපයන්න පුළුවන්.
බිට්කොයින් කියන මේ මුදල් විශේෂය කිසිම රාජ්‍ය පාලනයකට අයත් නොවේ. මෙය මද්‍යම ආයතනයකින් පාලනය වෙන්නේ නෑ, මූල්‍ය රෙගුලාසි නැත. එහි පැවත්ම තියෙන්නේ හුදෙක් අන්තර්ජාලය හරහා එකිනෙකට සම්බන්ධ වී තිබෙන පරිගණක ජාලයක් තුළදී පමණි. ( Decentralised Network ) එනම් බිට්කොයින් කියන්නේ ලොව පළමු නිදහස් මුදල් ඒකකයයි. ( Free Currency ) එසේම ලොව ප්‍රථම අතථ්‍ය හෙවත් වර්චුවල් පන්නයේ මුදල් ඒකකයකි. ( Virtual Currency )
මෙම බිට්කොයින් තාක්ෂණය පසුගිය වසර පහක් මුළුල්ලේම නන් අයුරින් දියුණු වී වර්තමානයේ තියෙන තැනට පත්වෙලා තියෙනවා. වසර් 2009 දී බිට්කොයින් 1300ක් ඇමරිකානු ඩොලරයකට හුවමාරු කරන්නට පුළුවන් වෙලා තියෙන්නේ, ඒ කියන්නේ ඩොලරයක් මිලදී ගන්නට බිට්කොයින් 1300ක් තිබියයුතු වෙනවා. ඒත් 2013 දෙසැම්බර් වන විට බිට්කොයින් 1300ක් මිලදී ගන්නට ඇමරිකානු ඩොලර් 1300ක් උවමනා වුනා. අද බිට්කොයින් එකක් හවමාරු කරලා රත්තරන් අවුන්සයක් මිලදී ගන්නට පුළුවන්.
No comments:
Post a Comment