Ads Top

Aluth Hot News

Cicret Smart Bracelet






          Cicret ස්මාර්ට් Bracelet

  අද ලෝකයේ පලඳින තාක්ෂණික උපාංග වලට ඉහලම තැනක් හිමි වෙනවා. ගූගල් ග්ලාස්, ස්මාර්ට් වොච්, ස්මාර්ට් රින්ග් වගේ පලන්දින තාක්ෂණික උපකරණ වලට අමතරව ස්මාර්ට් බ්‍රේස්ලට් ද අද වනවිට දක්නට ලැබෙයි. සම්ප්‍රදයෙන් බැහැර වූ ස්මාර්ට් බ්‍රේස්ලට් උපාංගයක් ' සික් රෙට් ' සමාගම විසින් නිර්මාණය කර තිබේ. එහි හැඩය සාමාන්‍ය බේස්ලට් අකාරයට පවතින අතර එහි ක්‍රියාකාරීත්වය අන් ස්මාර්ට් බේස්ලට් උපාංගවලට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් ය. තම ස්මාර්ට් දුරකථනය හරහා Wi-Fi හරහා සම්බන්ධ වන මෙහි ඇතිවිශේෂත්වය නම් මෙය ප්‍රක්ෂේපණයකින් යුක්ත වීමයි. මෙසේ ප්‍රක්ෂේපණය වන්නේ මෙය පළඳිනු ලබන්නාගේ අතෙහි මැණික් ක‍ටුවේ පහළ කොටස මෙම ප්‍රක්ෂේපණ ආලෝකය පතිත වෙයි.

තවද iPhone සමග මෙය Sync වෙයි. මෙය ප්‍රමීතීන්ට අනුව තනිව භාවිතා කළහැකි උපාංගයක් සේ නිර්මාණය කර තිබේ.
  • මෙමගින් අතෙහි චිත්‍රපටි බැලීමට, දුරකථන ඇමතුම් ලබා ගැනීමට, ඊමේල් පණිවිඩ බැලීමට ද හැකියාවන් තියෙනවා.
  • ඇපල් සමාගම ඉදිරියේදී එළිදැක්වීමට නියමිත ස්මාර්ට් වොච් උපාංගයට මෙය අභියෝගයක් වෙතැයි බොහෝ දෙනෙක් මත පළ කරනවා.
  අත සෙලවීම මගින් මෙය ක්‍රියාත්මක වෙයි.   

මෙහි Micro USB Port  එකකින්ද සමන්විතය. ත්වරණමානයක් ඇතුළු සංවේදකයන් 8කින් මෙය සමන්විත වෙනවා වගේම Bluetooth හා Wi-Fi සඳහා මෙය සහාය දක්වයි.

   අරම්භක මිල පවුම් 300ක් වෙයි.   

තවද මෙය 16GB හා 32GB ලෙස සංස්කරණ ද්විත්වයක් වෙළඳ පොළට නිකුත් කිරීමට නියමිතව තියෙනවා

 " තම ස්මාර්ට් දුරකථනය ළඟ නොමැති වුවද මෙම උපාංගයෙන් ඇමතුම් ලබාගැනීමටත්, එන ඇමතුම් සඳහා පිළිතුරු දීමටත් හැකි වෙයි. "
තම ස්මාර්ට් දුරකථන සම්පූර්ණයෙන්ම අතෙහි නිර්මාණය වීමක් මෙහීදී සිදුවෙයි. එනම් තිරය ඇතුළු සියලුම විශේෂාංග තම අත ස්පර්ශ කිරීමෙන් සිදුකළ හැකිය. මෙහිදී සැබැවින්ම සිදුවන්නේ තම ස්මාර්ට්දුරකථන තිරය අතේ දර්ශනය වීමකි.


    ' සික්රෙට් ' හා ' පැස්කල් ' යන සමාගම්වල නිර්මාතෘ වන Guillaume Pommier මේ සම්බන්ධව පවසා සිටියේ මෙම උපාංගයට දුරකථන ඇමතුම් ලබාගැනීම සඳහා 3G  කාඩ් පතක් එක්කිරීමට බලාපොරොත්තු වන බවයි.
  • මෙයට ජලය කාන්දු නොවේ.
    සික්රෙට් සමාගම මගින් නිකුත් කරන මෘදුකාංගයක් හරහා ස්මාර්ට් දුරකථනය හා මෙම උපාංගය අතර සම්බන්ධතාව ගොඩ නගයි. තවද SIM කාඩ් පතක සියලු දත්ත මෙම උපාංග තුළට ඇතුළත් කිරීමට ද ඒ සඳහා ඔවුන්ගේම වෙනමම SIM කාඩ්පතක් හඳුන්වාදීම සඳහා කටයුතු කිරීමට බලාපොරොත්තු වේ. මෙය තවත් නිෂ්පාදන මට්ටමේ පවතී. බොහෝ දුරට තව සති කිහිපයකින් වැඩකටයුතු නිම්වන අතර මේ වසර ජුනි මාසයේදී විතර වේළඳපොළට නිකුත් කරන බව නිෂ්පාදකයෝ පවසනවා.

       තවද මෙය එකිනෙකට වෙනස් වර්ණ 10කින් යුක්ත වෙයි. ස්මාර්ට් දුරකථන වෙනුවට මෙය භාවිතා කිරීම මෙහි ප්‍රධාන අරමුණ වෙයි.

No comments:

Powered by Blogger.