Ads Top

Aluth Hot News

Threema


                    මේ වන විට සෑම දෙනෙකුගෙම ළඟ ස්මාර්ට් ෆෝනයක් භාවිතා කරන කාලයක් තුල අපගේ පණිවුඩ සේවාවන්ද ගොඩාක් දියුණු වෙමින් පවතී ඒ වගේම ඒවා පරිණාමය වෙමින්  ගොඩාක් ඉහලට යමින් තියෙනව, විශේෂයෙන් වර්තමානයේදී පණිවුඩ හුවමාරු යෙදුම් නැතිනම් බොහෝ දෙනා දන්න හඳුනන Messenger App වල ප්‍රධාන අවධානයක් යොමු වෙලා තියෙන්නේ පරිශීලකයාගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම හා ආරක්ෂාව සම්බන්ධයෙනුත් ය. මේ සඳහා විවිධ කේතකරණ ( Encryptions ) භාවිතා කරයි. අද ඔයාලට හඳුන්වල දෙන්න යන්නෙත් Messenger App එකක් වන Threema ද මේ සඳහා හොඳ උදාහරායක් වෙයි.





                  වෙනත් රහස් පණිවුඩ හුවමාරු යෙදුම් වලදී මෙන්ම ඔබට Threema භාවිතයේදී ද සම්පූර්ණයෙන්ම අඥතව සිටිමින්, ඔයාලගෙ දුරකථන අංකය, ඊ මේල් ලිපිනය හෝ වෙනත කිසිදු තොරතුරක් අනාවරණය නොකර ගනිමින් පණිවුඩ යැවීමේ හැකියාව පවතී. ඒ වගේම ඒ පණිවුඩ Threema හි සර්වරයන් තුළින්ද කෙටි කාලයකදී මකා දැමෙන බව ඔවුන් පවසා සිටිනවා. මේ නිසා කිසිදු ආකාරයකින් දත්ත අයථා භාවිතා කිරීමක්, අනන්‍යතා සොරකමකට භාජනය වීමකින් තොරව, වැඩි අරාක්ෂාවක් සහිතව පණිවුඩ යැවීමේ හැකියාව Threema මගින් ඔයාලට ලැබෙනවා.



       තවද Threema සමග ඔයාලට ඡායාරූප, ශ්‍රව්‍ය පටිගත කිරීම්, වීඩියෝ පටිගත කිරීමක්, හඬ පණිවුඩයන් හා පින්තූර යවන්නටද, අවශ්‍ය නම් ඔබ සිටින ස්ථානය බෙදා ගැනීමට ද හැකියාව මේ තුල පවතිනවා.

ඇප් එක පහලින් ගිහින් බාගන්නකෝ,

https://play.google.com/store/apps/details?id=ch.threema.app&hl=en


No comments:

Powered by Blogger.