Ads Top

Aluth Hot News

App Lock ඇප් වලට ආරක්ෂාව.

                       Windows Mobile මෙහෙයුම් පද්ධතිය සඳහා නිර්මාණය වී ඇති App Lock ඇප් එක නොමිලෙම ඩවුන්ලෝඩ් කරගත හැකි අතර, ඔබේ ස්මාර්ට්ෆෝනය සඳහා ඊට අමතර ආරක්ෂා පියවරක් ද සැපයෙනු ඇත. බොහෝ දෙනා තමන්ගේ ස්මාර්ට් ජංගම දුඅරකථනයේ ඇති යම් යම් වීඩියෝ ක්ලිප් හෝ චායාරූප වෙනත් අයෙකු දකිනවට අකමැති වීමෙ සම්භාවිතාව වැඩියි. ඒ සඳහා ගැලපෙන කාලෝචිත විසඳුමක් ලබා දිල තියෙන ඇප් එකක් විදියට මේ App Lock  හඳුන්වල දෙන්න පුළුවන්.










          App Lock ඇප් එකට ඔයාලගෙ ස්මාර්ට් ෆෝනයේ ඇති ඡායාරූප හෝ වීඩියෝ ක්ලිප් ‍තෝරා අගුළු දැමීමේ හැකියාව පවතින අතර, ඒවාට ඇතුල් වීමට හැකි වන්නෙ අදාල මුරපදය දන්නා ඔයාලට පමණයි.  ඒ වගේම ඔයාලට අවශ්‍ය මොහොතක ක්ෂණයකින් ඒවා මකා දැමීමටත්, අවශ්‍ය නම් නැවත ඒවා ප්‍රතිස්ථාපනය කිරීමටත් ඉඩකඩ මේ ඇප් එක තුලින් ලැබෙනු ඇත. මෙහිදී ඔයාලගේ ජංගම දුරකථනයට සාමාන්‍යයෙන් ඔබ යොදන මුරපදයට අමතරව තවත් ආරක්ෂා ලේයරයක් නිර්මාණය කරල තියෙනව.
                   App Lock ඇප් බොහෝ දෙනාගේ ආකර්ෂණය දිනාගැනීමට සමත් වෙලා තියෙනව. ඒ තමයි එහි ඇති සරලත්වය හා කිසිවෙකුට බිඳිය නොහැකි ආරක්ෂාවත් නිසයි. ඒ වගේම  සාමාන්‍යයෙන් ඕනෑම මොබයිල් මෙහෙයුම් පද්ධතියක් සමගින් ලැබෙන මේ වගේ ඇප් නොමිලයේ ලැබෙනු ඇත. එනමුත් App Lock සඳහා ඔයාල මුදල් ගෙවීමක් අවශ්‍ය නොවීම මෙහි වටිනාකම සහ ජනප්‍රියත්වය වැඩි කරන සාධකයක් වෙයි.

ඇප් එක මෙතනින් බාගන්නකො.

No comments:

Powered by Blogger.