Ads Top

Aluth Hot News

Cortana Android වෙතත් පැමිණෙන ලකුණු.

                       Digital Assistant App ගැන කතා කරන විට ඇන්ඩ්‍රොයිඩ් සතුව තියෙන Google Now, Apple සතුව Sri හා Microsoft සතුව Cortana  කර තිබේ.  එකිනෙකා අතර පවතින තරගය නිසා මෙම ඇප්ස් මේ වන විට  ඉතාමත් දියුණු මට්ටමේ ඇප්ස් බවට  පත්වෙලා තියෙනව. මේ තරඟයට නවතම මානයක් එක් කරමින් සිය Digital Assistant App එක වන Cortana, Android වෙත හඳුන්වා දීමට Microsoft සමාගම සූදානම් බව වාර්තා වෙනවා. මේ අනුව විශාල පාරිභෝගික පදනමක් වෙත තම ඇප් එක හඳුන්වා දීමට Microsoft සමාගමට හැකියාව තිබේ. Cortana හි ඉදිරි වර්ධනය සඳහා මෙම  නව පාරිභෝගිකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාරය Microsoft සමාගමට ඉතාමත් වැදගත් වෙයි. තමන්ගේ ඇප්ස් වෙනත් මෙහෙයුම් පද්ධතිවලට ගැළපෙන පරිදි සකස් කර ඉදිරිපත් කිරීමේ Microsoft සම්මගමේ උපායමාර්ගික ක්‍රියාවලියක් දැවැන්ත පියවරක් විදියට Cortana Android වෙත හඳුන්වා දීමට  හැකිය.

    Cortana Android වෙත පැමිණෙන දිනය පිළිබඳව තවම නිශ්චිත තොරතුරක් නොමැතිව වුවත්, Windows 10 නිකුත් වීමත සමගම එයද සිදුවෙතැයි අනුමාන කරන්න පුළුවන්.

No comments:

Powered by Blogger.