Firefox Android App එකෙහි 36 වන සංස්කරණය නිකුත් වෙයි.

Firefox Android App එකෙහි 36වන සංස්කරණය වෙළඳ පොළට නිකුත් කිරීම පසුගියදා කට්යුතු කිර තිබුණි. මෙම ඇප් එකනිකුත් කිරීමට පෙර මාසයක් පමණ Beta අවධියේ පැවතුනා. ඉන් පසුව Tablet සඳහා නවතම අතුරුමුහුණත සමග ඇප් එක එළිදක්වා තියෙනව. මේ අනුව ඇප් එක Tablet එකක් විදියට භාවිතා කරන්නේනම්, දැන් ඔයාලට Full Screen පහසුකමද ලබා ගත හැකිය. මේ අනුව Browser එකට තිරයේ ඉඩකඩ ඉතා හොඳින් භාවිත කිරීමටද හැකියාව පවතී. මෙහි නිර්මාපකයන් පවසන්නේ ඉදිරි සංස්කරණ වලදීද තිරයේ ඉඩ වඩා හොඳින් භාවිත කිරීම පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන බවයි. මීට අමතරව මෙහි දැකගත හැකි විශේෂිතම අංගය වන්නේ නවතම HTTP protocol එක වන HTTP / 2 සමගද මෙම Browser එක භාවිත කළ හැකි වීමයි. HTTP / 2 යනු ඉන්ටනෙට් ඉන්ජිනීයරින් ටාස්ක් ෆෝස් ( IETF ) විසින් හඳුන්වා දී ඇති න්වතම Protocol එකද මෙය වෙයි. මෙම වෙනස්කම්වලට අමතරව කලින් සංස්කරණවල තිබූ අඩුපාඩු කිහිපයක්නව සංස්කරනය සමග ඉවත් කිරීමටද නිෂ්පාදකයන් කටයුතු කර ඇත.



ඇප් එක මෙතනින් බාගන්නකො.
No comments:
Post a Comment