සෙල්ෆී කලාවේ ත්‍රාසය සොයා ගිය අපූරු මිනිසා.
සෙල්ෆී යනු අද කිසිවෙකුත්ටත් අලුතින් හඳුන්වාදිය යුතු දෙයක් නෙවෙයි කැමරා සහිත ජංගම දුරකථන ජනප්‍රිය වීමත් එක්ක තමයි මේ සෙල්ෆී ක්‍රමය හෙවත් ස්වයං ඡායාරූපද ඒ හා සමාන ජනප්‍රියත්වයක් හිමිකරගෙන තියෙනව.
ඒත් මේ ලිපිය සමග පළවන සෙල්ෆී ඡායාරූප වල විශේෂත්වයක් තියෙනව. ඒ තමයි මේ ඡායාරූප සියල්ලම ත්‍රාසජනක සෙල්ෆී ඡායාරූප ශිල්පියෙක් විදියට හඳුන්වන තියාගෝ කොරෙයා විසින් ලෝකයේ සුප්‍රසිද්ධ පිළිරුවක් මතදී ගත් ඒවා වීමයි. 27 හවරදි වියේ පසුවෙන බ්‍රසීල ජාතික කොරෙයා ත්‍රාසජනක සෙල්ෆී ඡාඅයාරූප ගන්නේ 2012 වසරේ සිටයි. ඔහු පසුගියදා බ්‍රසීලයේ රියෝ ඩි ජැනයිරෝ නුවර සුප්‍රසිද්ධ ' ක්‍රිස්තුන් ගැලවුම්කාරයානෝ ' ප්‍රතිමාව මුදුනේ සිට අරගත් ඡායාරූප මේ වන විට ලොව පුරාම ප්‍රසිද්ධියට පත් වෙලා තියෙනවා උඩින් අඩි 124ක් වන මෙම ආගම්ක ප්‍රතිමාව මුදුනට ළඟාවීමට කිසිවෙකුටත් අවසර නැත. ඒ නිසා තම කාර්යය වෙනුවෙන් බලධාරීන්ගෙන් විශේෂ අවසරයක් ලබාගැනීමට කොරෙයාට සිදූ වූ අතර ඔහු ලබාගෙන ඇති ඡායාරූපය දෙස බලන විට එම උත්සහය අපතේ ගොස් නැති බවක් පෙනෙන්නට තියෙනව.
ප්‍රතිමාව මුදුණට ලඟාවීමේදී තම ධෛර්යයට අමතරව GoPro කැමරාවක් සහ නියමුවන් රහිත ඩ්‍රෝන යානයක් ගැනද විශ්වාසය තැබීමට කොරෙයාට සිදුවූ අතර එම විශ්වාසයනිසා සාමාන්‍ය කෙනෙක්ට කිසිසේත්ම ගත නොහැකි ආකාරයේ සෙල්ෆී ඡායාරූප කිහිපයක් ගැනීමට ඔහුට හැකියාව ලැබී තිබේ.
ප්‍රතිමාව මුදුණට ලඟාවීමේදී තම ධෛර්යයට අමතරව GoPro කැමරාවක් සහ නියමුවන් රහිත ඩ්‍රෝන යානයක් ගැනද විශ්වාසය තැබීමට කොරෙයාට සිදුවූ අතර එම විශ්වාසයනිසා සාමාන්‍ය කෙනෙක්ට කිසිසේත්ම ගත නොහැකි ආකාරයේ සෙල්ෆී ඡායාරූප කිහිපයක් ගැනීමට ඔහුට හැකියාව ලැබී තිබේ.
මේ තියෙන්නෙ ඔහුට ඡායාරූප ලබා ගැනීමට යොදා ගත්ත ඩ්‍රෝන යානාව.

" මම ඉස්සෙල්ලම කැමරාවක් මිලට ගත්තේ 2012 අවුරුද්දේ, එදා ඉඳලා අසාමාන්‍ය තැන්වලට ගිහින් සෙල්ෆී ගන්න එක මම පුරුද්දක් හැටියට කරනවා " කොරෙයා වැඩි දුරටත් කියා සිටියා.
No comments:
Post a Comment